සුභග දරුවෝ වැඩසටහන – 2017

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරණ “ සුභග දරුවෝ ” වැඩසටහන 2017 ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන සියලුම කොට්ඨාස ආවරණය වන පරිදි, වැඩසටහන් 31 කින් සමන්විත වේ (සිංහල හා දෙමළ මාධ්‍ය වශයෙන්).

6 සහ 7 ශ්‍රේණි සිසුන් සඳහා ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය යන විෂයයන්ට අදාලව සති අන්තයේ දින 10 ක් තුළ, මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. සෑම පාසලක තොරාගත් සුභග සිසුන් සමඟ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුළ සමාජ සේවය සඳහා සිසුන් යොමු කිරීම, අදාල සිසුන්ගේ දෙමාපියන් සමඟ අධ්‍යාපනයේ වටිනාකම හා වැඩිහිටියන්ගේ වගකීම පිළිබඳ සාකච්ඡා කිරීම, අදාල ශිෂය කණ්ඩායම තෝරා ගත් පොදු ස්ථානයක, එක් සිසුවකු පැළ දෙකක්වත් රෝපනය කිරීම මෙම වැඩසටහන තුළින් ක්‍රියාත්මක කිරීමට, යෝජිත ක්‍රියාකාරකම් වේ.

එසේම වැඩසටහන අවසානයේ සියලුම සිසුන්ගේ නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *